Colombo Today Local News

මැයි 9 මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් පහක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී බී හේරත් සහ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරුන්ගේ වාරියපොල සහ ගොකරැල්ල පිහිටි නිවාසවලට සහ කාර්යාලවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

ඉකුත් මැයි 9 වැනි දින මෙම පහරදීම සිදුකර තිබිණි.

කුරුණෑගල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19,27,29,36හා 55 අතර පසුවන මැල්සිරිපුර හා මලගනේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වාරියපොල කුරුණෑගල පොලීසිය වෙත භාරදී ඇත.

Related posts

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

colombotoday

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගයක් විනාශ කරයි

colombotoday

රට බේරා ගත් රණවිරුවෝ අද හිර ගෙවල්වල දුක්‌ විඳිනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

මහපොළ අරමුදලින් හැදු මාලබේ ස්ලිට් එක අයතා ලෙස බැහැර කරලා. | අරමුදලේ රුපියල් බිලියනයකට වැඩි මගඩියක්.

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග…

colombotoday