Colombo Today Local News

වළකට වැටී ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් ගිහින්

මහනුවර – කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් කළ අයකු සුදුහුම්පල ප්‍රදේශයෙ දී දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවේ ඔහුගේ අත මතින් දුම්රියක් ධාවනය වීම නිසා අත වෙන් වී බරපතල තුවා ලබා මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ.

මහනුවර දංගොල්ල දංගොල්ල ප්‍රදේශයේ පදිංචි එස්. එල්. එම්. රිස්වාන් (44) නැමැති අයකු බවට රෝහල් පොලිසිය හඳුනාගෙන තිබේ.

දුම්රිය මාර්ගය අසල කිසියම් පුද්ගලයකුගේ අතක් තිබෙනු දැක ඒ පොලිසියට දැනුම් දී ඇත.

එම අතේ කොටස පොලීසිය විසින් මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාරදීමට පියවර ගෙන තිබේ.

මහනුවර ජාතික රෝහලේ දී සැත්කමකට භාජනය වී මේ වෙනවිට ප්‍රතිකාර ලබමින් සිටින අදාළ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී එහි පසෙක තිබූ විශාල වලකට ඇද වැටුන අවස්ථාවේ එයින් ගොඩ ඒම සඳහා දකුණු අතින් රේල් පීල්ල අල්ලා ඉන් ගොඩ ඒමට උත්සහ කරද්දී දුම්රියකට තම අත හසු වූ බවයි.

අතින් වෙන් වූ කොටස සොයා බැලුවත් පැවැති අඳුර නිසා එය සොයාගැනීමට නොහැකි වූ බැවින් තනිවම රෝහලට පැමිණි බව ඔහු පවසා තිබේ.

Related posts

“සුළු ජාතීන්ට අසාධාරණයක් වෙලා.. ඔවුන් නොසතුටින් නිසා මූහුණුවල ලේ බිදුවක් පේන්න නෑ” – ජනපති

colombotoday

බොදු බල සේනාවට සයිබර් ත්‍රස්ත ප්‍රහාරයක් !

colombotoday

විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නැති නිසා ගමන් වාර අඩු කරයි

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Admin

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

colombotoday