ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා නව ලියාපදිංචි කිරීම් අද(08) දිනයේ සිට යළි සිදු කිරීමට හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය දින දෙක තුළ පුද්ගලයින්ට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීමට හැකියාවක් නොලැබිණි.
ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමය යටතේ මේ වන විට මිලියන 5.5 ක පිරිසක් ලියාපදිංචි වී සිටි.
මෙම ක්‍රමය යටතේ පිරවුහල් මඟින් ඉන්ධන නිකුත් කිරීමේ දෙවන සතිය අද ආරම්භ වේ.