Colombo Today Local News

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමියන්ට – අධිකරණය තහවුරු කරයි

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමියන්ට බව කොළඹ දිසා අධිකරණය තහවුරු කරතිබේ.

සේරුවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩු දෙකක දී කොළඹ දිසා විනිසුරුතුමිය විසින් අළුදෙණියේ සුබෝධි හිමියන් එම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස පෙනී සිටීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධව වූ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කල්‍යාණවංශ පාර්ශවයේ මහනායක හිමියන් ඇතුළු උත්තරීතර විධායක සභාව විසින් එකී විහාරයේ විහාරාධිපති ලෙස කොටපොළ අමරකිත්ති හිමියන් පත් කිරීම සම්බන්ධව වූ තීරණයට එරෙහිව වූ වාරණ නියෝගය ද විසුරුවා හරින ලදි.

කොටපොළ අමරකිත්ති හිමියන්ගේ පත් වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ද පිළිගෙන ඇති අතර උන් වහන්සේ සේරුවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි දඹ ගස් ආරේ සුමේධාලංකාර හා සේරුවිල සරණකිත්ති හිමිවරුන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වේ.

කොටපොළ අමරකිත්ති හිමියන් දැනට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපතිව වැඩ වාසය කරන අතර සුප්‍රසිද්ධ අනුරාධපුර පිච්චමල් පූජාවේ නිර්මාතෘ ද වේ.

නිකායේ මහනායක හිමියන්, සංඝ සභාව හා කොටපොළ අමරකිත්ති හිමියන් වෙනුවෙන් නීතිඥ සඳමාලි රත්නායක, ධරණී වීරසිංහ, චතුර ගල්කේන, සඳුන් ගමගේ හා ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා යන නීතිඥ මණ්ඩලය පෙනී සිටින ලදී.

Related posts

15 හැවිරිදි දැරිය ගේ දැන්වීම් පලකල තවත් වෙබ් අඩවියක දෙකක් කොටු. – තවත් වෙබ් අඩවි 3 ක් සොයා විමර්ශන

colombotoday

කැනඩා මහකොමසාරිස් සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

colombotoday

“යහපාලනය යටතේ පොලීසියේ ස්වාධීනත්වය තවත් පහළට“- UN අලුත්ම වාර්තාව හෙළි කරයි

colombotoday

බදු වැඩිවීම අසාධාරණයි.. මෛත්‍රී – රනිල් කඩෙත් බඩු සවුත්තුයි.. ජවිපෙ අත්පත්‍රිකා බෙදයි

colombotoday