Colombo Today Local News

පොලිස් කණ්ඩායම් දෙකක් පෙරටුගාමී ප්‍රධාන කාර්යාලය සෝදිසි කරයි

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය පොලිස් කණ්ඩායම් දෙකක් අද (29) පෙරවරුවේ පරීක්‍ෂා කළ බවත් දෙවැනි පොලිස් කණ්ඩායම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුවක් පෙන්නූ බවත් එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නිල ඇඳුම සහිත පොලිස් නිලධාරියකු සමඟ සිවිල් ඇඳුමින් යුත් දස දෙකනුගෙන් යුත් පළමු කණ්ඩායම සතුව පරීක්‍ෂා කිරීමේ වරෙන්තුවක් නොතිබුණු බවත් නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් 30 කින් පමණ යුත් දෙවැනි කණ්ඩායම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේට නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් ඉදිරිපත් කළ බවත් නාගමුව මහතා කියයි.

එම කණ්ඩායම් දෙකම කාර්යාලය පරීක්‍ෂා කිරිමෙන් පසුව පිටත්ව ගිය බව කී නාගමුව මහතා එම නීති විරෝධී පරීක්‍ෂා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයෝ විරෝධය දැක්වූ බව ද සඳහන් කරයි.

Related posts

කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන්ම ජයගැනීමට සූදානම්

colombotoday

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ඩබල් වෙයි

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනපති කොමිසමක්….

colombotoday

බෝගස්වැව හිමිවරුන්ගේ අත පය බැද, මුඛවාඩම් දමා ජනපති වව්නියා යයි !

colombotoday