Colombo Today Local News

පහළොස් හැවිරිදි නැගණිය හෙරොයින් ජාවාරම්කරුවකුට විකුණා අක්කා කුඩු ගහලා

පහළොස් හැවිරිදි තම නැගණිය රුපියල් 15000 ක මුදලකට සහ හෙරොයින් ගෑම් 01කට හෙරොයින් ජාවාරම්කරුවකුට විකුණු අක්කා සහෝදරියක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මුදල් සහ හෙරොයින් ලබා දී එම දැරියව ලබා ගත් හෙරොයින් ජාවාරම්කරුවද හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය 26 වැනි වියේ පසුවන එක්දරු මවක් බව පොලිසිය කියයි.

දැරියගේ මව හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවක් මත බන්ධනාගාරගතව ඇත.

දැරියව විකුණු අක්කා හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී සිටින්නීයක් බව ද පොලිසිය කියයි.

මව බන්ධනාගාර ගත වූවායින් පසු දැරිය රැක බලාගෙන ඇත්තේ මෙම තැනැත්තිය විසින් බව පොලිස් පරීක්ෂන වලින් අනාවරණය වී තිබේ.

බටහිර නිල්පනාගොඩ පදිංචි සැකකරු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවස වටලා හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සැකකරුගේ නිවසේ සිටින මෙම කුඩා දැරිය කවුද යන්න පොලිස් නිලධාරීන් විමසා තිබේ.

එම අවස්ථාවේ නිවසේ සිටි සැකකරුගේ මව සිද්ධිය අනාවරණය කිරීමෙන් පසු දැරියව පොලීසිය බාරයට ගෙන දැරිය විකුණූ බව කියන සැකකාර අක්කා මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Related posts

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

colombotoday

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Admin

අනුරාධපුරේ වදුරෙකුට එරෙහිව එංගලන්ත හෙදියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

colombotoday

ඒකාබද්ධ විපක්ෂය කලු පටි බදී.. පාර්ලිමේන්තුව අත්හිටුවයි

colombotoday

දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් නිදහස් කිරීම හෙවත් කූඩුවේ සිටින මාරයා ඔඩොක්කුවට ගැනීම

colombotoday