Colombo Today Local News

T56 අවි දෙකක් පැහැරගැනීම කුමන්ත්‍රණයක්ද?

ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ උද්ඝෝෂකයන් අතර පොල්දූව මංසන්ධියේදී පසුගිය දා ඇතිවූ ගැටුමකදී T56 වර්ගයේ ගිනිඅවි දෙකක් පැහැර ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ආරක්‍ෂක අමාත්‍යංශය වෙත දන්වා තිබේ.

ඒ, කඩාකප්පල්කාරි කණ්ඩායමක් හෝ අපරාධ කණ්ඩායමක් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමග ගැටුමක් ඇතිකර ගැනීම සඳහා සැලසුම්සහගතව එම ගිනිඅවි පැහැර ගත්තා ද යන්න පිළිබඳව නිරීක්‍ෂණය කිරීම සඳහා ය. එමෙන් ම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව අතර ගැටුමක් ඇතිකර ගැනීම සඳහා එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වූවා ද යන්න පිළිබඳව ද එම පරීක්‍ෂණවල අවධානය යොමුකර ඇතැයි පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

එමෙන් ම, මෙහිදී පොලිස්පතිවරයා වැඩිදුරට ත් දන්වා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළදී සාමකාමී උද්ඝෝෂණ සඳහා ඉදිරිපත් වන සාමාන්‍ය ජනතාව ව්‍යාජ ලෙස රවටා ගනිමින් විවිධ උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර සඳහා පොලඹවා ගෙන ඔවුන්ට මුවාවී ඇතැම් තැනැත්තන් විසින් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට එරෙහිව මෙම ගිනිඅවි යොදා ගනිමින් යම් ආකාරයක සාපරාධී ක්‍රියාවක් කිරීමට හෝ එම ගිනිඅවි යොදා ගනිමින් නීත්‍යනුකූල රාජකාරි යොදවා සිටින නිලධරයන්ගේ ගිනිඅවි පැහැර ගැනීම සඳහා හෝ කටයුතු කළ හැකි තත්ත්වයන් බැහැර කළ නොහැකි බව ය.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව රාජකාරිවල නිරත වන ලෙසට සියලු ම පොලිස් නිලධාරීන්ට තමා උපදෙස් දුන් බව ත් පොලිස්පතිවරයා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරුන් ලිඛිතව දැනුවත් කර ඇත. එමෙන් ම මේ සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනුව ත් කිරීම සුදුසු බවට ද පොලිස්පතිවරයා නිර්දේශ කර තිබේ.

පාර්ලිමේන්තුව අවට ආරක්‍ෂාව සඳහා යොදවා සිටි ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ එම ස්ථානයේ නියැළුණු කලහකාරි පිරිසක් අතර ඉකුත් 13 වන දා රාත්‍රි කාලයේදී ඇතිවූ ගැටුමේදී යුද්ධ හමුදාවට අයත් T56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ එම පතරොම් 60ක් කලහකාරි පිරිස පැහැරගෙන ගොස් ඇති බවට යුද්ධ හමුදාව පැමිණිලි කිරීමෙන් පසු පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරුන් එසේ දැනුවත් කර තිබේ.

Related posts

“හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද” FCID ගිහින් බන්ධුල කියයි.

colombotoday

සනීපාරක්‍ෂක තුවා අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න. ආණ්ඩුවට පැන්න ඩයනා ඉල්ලයි.

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

colombotoday

සහරාන් ඇතුළු ත්‍රස්තයන් ප්‍රහාරයට පෙර තවත් 38ක් සමග අවසන් පුහුණුව කරපු කදවුරක් නුවරඑළියෙන් සොයාගනී…

colombotoday

ට්‍රම්ප් අධ්‍යනය කරමින්, ගෝඨා දේශපාලනයට !!

colombotoday