Colombo Today Local News

කොළඹ බස් හා දුම්රිය සේවා යළි ඇරඹේ

ඊයේ දහවල් 12 .00ට කොළඹ දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරී නීතිය අද (15) අලුයම ‍‍5 .00 ට ඉවත් කෙරිණ.

මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ පැවරී ඇති බලතල අනුව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ මෙම නියෝගය පැනවනු ලැබීණ.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ බස් ධාවනය ආරම්භ කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරන්නේ, අද දිනයේ සමස්ත බස් රථ සංඛ්‍යාවෙන් 10% ක් පමණ ධාවනයට සැලසුම් කර ඇති බවයි.

කොළඹ ලංගම බස් ධාවනය ද අලුයම 5.00 න් පසු ආරම්භ කළ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

දුම්රිය ධාවනය ද අද සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday

විදුලි සෝපානයට හිස සිරවී එක් දරු පියෙක් මිය යයි

colombotoday

නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගෙන් නිවේදනයක් !

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

ඔබ තමයි ශ්‍රී ලංකාවේ වීරයා. ඔබ ආඩම්බර වෙන්න. – විරතු හිමිගෙන් ඥානසාර හිමිට පණිවුඩයක්

colombotoday

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කයිවාරු ගහනවා

Admin