Colombo Today Local News

සෞඛ්‍ය සේවය කඩාවැටීමේ බරපතළ අවදානමක් – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනතුරු අඟවයි

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන ප්‍රශ්නය නොවිසඳුණහොත් මුළු මහත් සෞඛ්‍ය සේවය ලබන සතියේ සිට කඩාවැටීමේ බරපතළ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා කීය.

මේ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කරයි.

රටේ පැන නැගී ඇති ප්‍රශ්න විසඳීමට පවතින රජයට හැකියාවක් නැති බව පෙනෙන්නට ඇතැයි පැවසූ සිරිසේන මහතා කාටත් පිළිගත හැකි පොදු වැඩපිළිවෙළක් සඳහා ඒකරාශී වීම මේ මොහොතේ ඉතා වැදගත් බවද පෙන්වා දුන්නේය.

සියලු දේශපාලන පක්ෂ රට ගැන සිතා පොදු වැඩසටහනක් වෙනුවෙන් ඒකරාශීවී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද සභාපතිවරයා කීය.

රටේ මතුවී ඇති අර්බුදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධානයෙන් සිටින බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

colombotoday

හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට

colombotoday

ඇමරිකාව නැතිව ලංකාවට දියුණු වෙන්න බෑමයි.. අපේ මිතුදමට අකුල් හෙලනු එපා – නි. ඇමති හර්ෂ

colombotoday

හමුදා බෆල් රියක ගැටී දැරියක් මිය යයි.. පුංකුඩුතිව් නොසන්සුන්

colombotoday

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday

බටහිර පර්යන්තයේ ආයෝජන ව්‍යාපෘතිය ගැන කැබිනට් තීරණය මවිතයට කරුණක් – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

colombotoday