පෙට්‍රල් නැවක් ලබන දහතුන් වැනිදා පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඊයේ (04) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා අවශ්‍ය මුදල් ද ගෙවා ඇතැයි ඇමැතිවරයා එහිදී සඳහන් කර ඇත.
මේ අතර,ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (05)ප්‍රකාශයක් කරන බවද ඇමැති විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.