World

චාරිත්‍රානුකූලව නගරාධිපතිවරයකු කිඹුලියක සමග විවාහ වෙයි.

මෙක්සිකෝවේ පිටිසරබද කුඩා ගම්මානයක නගරාධිපතිවරයකු කිඹුලෙකු සමඟ චාරිත්‍රානුකූල ආකාරයේ විවාහයක් සිදුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය ගෝත්‍රික සම්භවයක් ඇති නගර වැසියන්ගේ සාම්ප්‍රදායික චාරිත්‍රයකට අනුව සිදුවුණු විවාහයක් වන අතර ඉතාමත් වර්ණවත් අන්දමින් පැවැත්වුණු විවාහ මංගල උත්සවයට සියලු දෙනා සහභාගී වී ඇත්තේ සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසෙමිනි.

කිඹුලිය සමඟ පැවැති විවාහ උත්සවයෙන් පසු සැන් පේද්‍රෝ හුවාමෙලුවා නගරයේ නගරාධිපති හියුගෝ සෝසා කිඹුලියට හාදුවක් ද දී ඇත.

නගරයේ නගරාධිපතිතුමා සහ කිඹුලියක අතරේ විවාහයක් සිදුවුවහොත් නිසි කලට වැසි ලැබීම, ගොවිතැන් කටයුතු සරුවීම ආදිය යහපත් අයුරින් සිදුවන බව සැන් පේද්‍රෝ හුවාමෙලුවා නගරයේ ගෝත්‍රික වැසියන් විශ්වාස කරති.

Related posts

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව ගුවන්ගත වෙයි

colombotoday

මොක්සි අඟහරු මත ඔක්සිජන් නිපදවයි

colombotoday

ඔස්ට්‍රියාවේ ඉස්ලාමික කාන්තා ඇදුම් තහනම් කෙරේ

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

සෞදියෙන් තවත් කුරිරු දඬුවමක්.. තරුණයෙකුගේ හිසගසා කුරුසයේ තබා ඇණ ගැසීමට නියම කරයි

colombotoday