Colombo Today Local News

අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

අද (28) දිනය තුළ ද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කරයි.

මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලය ද සාමාන්‍ය පරිදි බස්රථ ධාවනය සිදුකරන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ද අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවය.

කෙසේවෙතත් පෞද්ගලික බස් බස් ධාවන කටයුතු තවදුරටත් සීමා වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ද අද දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.

Related posts

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

colombotoday

කොඳු ඇටපෙළ හොඳමට ගෙවිලා.. අළුත් සැප වාහනයක් මටත් ඕනා” – විජිතමුණි සොයිසා

colombotoday

යාපනය, නාවක්කුලි සිංහල ගම්මානයට ශිවාජිලිංගම් එරෙහි වේ

colombotoday

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්….

colombotoday

PCR සිදුකිරීමට ගිය බස් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday