Colombo Today Local News

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 23ක් පිටුවහල්කරයි

7/2017

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල්කර තිබේ.

එම ශ්‍රී ලාංකිකයින් 23දෙනා අද (20) අලුයම ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස පසුගිය මැයි මස 27 වනදා පිටත්ව ගොස් ඇති අතර ඔස්ට්‍රේලියානු වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් මගින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතට රැගෙන ගොස් තිබුණි.

ඉන් අනතුරුව ඔවුන් මෙලෙස පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ.

ඔවුන් පිරිස මීගමුව, කොස්වාඩිය සහ මූතූර් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Related posts

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම හොරු රැළක් යටතට !

colombotoday

අල්ලස් ගත් ඉඩම් නිලධාරියයෙක් අත්අඩංගුවට

colombotoday

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

Admin

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

colombotoday

SAITM තාවකාලිකව අත්හිටුවක්.. රජයේ තීරණය දැනුම් දෙයි !

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට ගැනීම ජුලි 19, 20

colombotoday