Colombo Today Local News

19ටත් මම සහයෝගය දුන්නේ නැහැ…. විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශයක් කරමින් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද තමා සහයෝගය නොදුන් බව ප්‍රකාශ කර ඇති වීරසේකර මහතා ඒ ආකාරයටම විසිඑක්වැනි සංශෝධනයට ද සහයෝගය නොදෙන බවද අවධාරණය කර ඇත.

“රටේම ජනයාගේ ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.” ඔහු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉදිරියේ පවසා ඇත.

Related posts

දුර්ලභ වාලම්පුරියක් විකුණන්න ගිය කතුන් දෙකක් අත්අඩංගුවට

Admin

මාවනැල්ල බුදු පිළිම කඩන්න අසාද් සාලි අනුබල දීලා – CIDය උසාවියට දන්වයි

colombotoday

“සිංහල ත්‍රස්තවාදීන් නැගිටලා… සියළු මුස්ලිම් අය ත්‍රස්තවාදීන් නෙවෙයි” – රෝසි කියයි

colombotoday

දෙවැනි රැල්ල පෞද්ගලික අංශයේ 15,000 කට රැකියා අහිමි කරලා

colombotoday

කාන්තාවන්ට දුන් තැන නොසළකා හරින්න පක්ෂ නායකයෝ එකඟ වෙති

colombotoday

“භික්ෂු කතිකාවත් පනතෙන් ශාසනයට නව ජීවයක් දෙනවා” මල්වතු මහානාහිමි

colombotoday