Colombo Today Local News

ලංකා විදුලි පුද්ගලික සමාගමට (LECO) හොර පාරෙන් කළමනාකරණ සහකරුවන් බදවා ගැනීමේ සූදානමක්.

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා නිකුත්කළ මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අර්ධ රාජ්‍ය ආයතනයක් වන ලංකා විදුලි පුද්ගලික සමාගමට නිසි ක්‍රමවේදය අනුගමනය නොකරමින් හා අනීතික ලෙස කළමනාකරණ සහකරුවන් පිරිසක් බදවා ගැනීම සදහා පසුගිය දිනක ලිඛිත පරීක්ෂණයක් ඒකල පිහිටි එම සමාගමේ වැඩබිමකදී පවත්වා ඇත.

ආර්ථික අර්බුදය හමුවේ නව සේවකයින් බදවා ගැනීම නවතා දමන ලෙස මුදල් අමාත්‍යාශය විසින් චක්‍රලේඛණයක් මගින් දන්වා තිබියදී මෙම බදවා ගැනීම සිදුකරනුයේ හුදෙක්ම එහි සභාපතිවරයාගේ සහ වෘත්තීය සමිති නායකයින්ගේ උවමනාව මත බව අප සංවිධානයට වාර්තාවී ඇති අතර එසේ බදවා ගනු ලබන පුද්ගලයින්ගෙන් කිසියම් මුදලක් ලබා ගැනීමට කටයුතු කරයි යැයි සැකයක්ද අපවෙත ඇත. මේ නිසාම පසුගිය සතියේ මේ පිළිබදව අප විසින් මුදල් අමාත්‍යවයාට හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ නීතීඥ සංගමයේ නීතීඥ අතුල සිල්වා නැමැති අයයි.

ලංකා විදුලි පුද්ගලික සමාගම අන්ත දූෂිත ආයතනයක් බව විගණන වාර්තා මගින් පෙන්වා දී ඇති අතර එහි සිදුවූ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු නරේන්ද්‍ර සිල්වා යන පුද්ගලයා වර්තමාන රජය විසින් එහි සාමාන්‍යාධිකාරවරයා ලෙස පත්කරනු ලැබූවේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශය වන සෞභාග්‍යයේ දැක්මෙහි සදහන් දූෂණයෙන් තොර රටක් යන්නට එරෙහිව යමිනි.

ලංකා විදුලි පුද්ගලික සමාගම අතුල සිල්වාට හෝ නරේන්ද්‍ර සිල්වාට හෝ හිමි සමාගමක් නොව මෙරට ජනතාවට හිමි සමාගමක් බව අප අවධාරණය කරන අතර ලංකා විදුලි පුද්ගලික සමාගමේ දූෂණ වලට එරෙහිව අප විසින් එම සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කරන බවද එම සමාගමේ අනිසි සේවකයින් බදවා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු කරන ලෙසද මෙයින් දන්වා සිටිමු.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පොලීසිය මුදා හරී

colombotoday

කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

colombotoday

කම්කරු ඇමැතිට නොතීසි

colombotoday

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

colombotoday

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට

Admin

බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුගල වනෝද්‍යානයට කඩා පනී. | මායිම් ගල් ගලවා දමා මහා වන සංහාරයකට අර අඳියි.

colombotoday