Colombo Today Local News

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

මැයි මාසය අග වනවිට පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකි වෙතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ සමාගමට මෙන්ම ලාෆ්ස් සමාගමටත් අවශය මූල්‍ය පහසුකම් ලබා දෙන බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඉන්දියානු රජයේ මැදිහත්වීම අනුව තවත් සැපයුම්කරුවන් කිහිපදෙනකු තෝරා ගැනීමටද කටයුතු සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම ලෝක බැංකුවත් අ‌මෙරිකානු ඩොලර් මිලියන 90 ක් ගෑස් මිලදී ගැනීමට ලබා දීමට නියමිතය.

එම මුදල ද ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් සතුව පවතින වෙළෙදපොළ ප්‍රමාණය අනුව බෙදාහරින බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අතර ඉදිරියේදී නාගරික ප්‍රජාවට ප්‍රමුඛතාව දී ගෑස් බෙදා හැරීම සිදු කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

ඒ, ගෑස් පාරිභෝගිකයින්ගෙන් සියයට 25 ක් නගරාසන්නව වෙසෙන ජනතාව වීම හේතුවෙනි.

මීට පෙර දෛනික ගෑස් සිලින්ඩර් 80,000 ක් වෙළෙදපොළට සැපයුවද ඉදිරියේදී එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට ද සිදුවන බව ලිට්‍රෝ සමාගම ඊයේ සදහන් කළේය.

මේ අතර ඊයේ (28) දින මෙරටට සේන්දු වූ ‍මෙට්‍රික් ටොන් 3900ක ගෑස් නෞකාවේ , ගෑස් ගොඩබෑම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

Related posts

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

colombotoday

පොලිස්පතිකම නොලැබුණු නි. පොලිස්පති වික්‍රමසිංහ කලකිරීමෙන්.. පොලීසියෙන් ඉල්ලා අස්වේ?

colombotoday

මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා ඒකාබද්ධය ජාත්‍යන්තරයට යයි

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිට… සංවේදී සාක්ෂි සටහන් ඇති තවත් වෙළුම් 22ක් ලබා දී නෑ…

colombotoday

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

colombotoday

හල්දුම්මුල ප්‍රාදේශීය ලේකම් වරයා අත්අඩංගුවට

colombotoday