Colombo Today Local News

මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න සූදානම් බව හර්ෂ ද සිල්වා කියයි.

මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර සිටිනවා..

අදාළ ප්‍රකාශයේ මෙලෙස සඳහන් කර ඇත,

“මේ රට මෙතනට වැටෙනවා කියල මම අවුරුදු ගණනක ඉඳල කිව්වා. කිව්ව දේ හරි ගියා කියල මට සතුටක් නෑ. උගුර ලේ රහ වෙනකං කෑගහලත් අපි කිව්වදේ ඇහුවෙ නැති එක ගැනත් අද රටට අත්වෙලා තියන ඉරණම ගැනත් මම හදවතින්ම දුක් වෙනවා. මම හැමදාම කිව්ව වගේ මේ අර්බුදයෙන් අපි හැමෝම නැත්තටම නැති වෙනවා.”

“ඒකට පක්ෂ පාට භේදයක් නෑ. මේ රට බේරගන්න ඉදිරිපත් වෙන්න අපි සූදානම්. හැබැයි, ඒකට හැමෝගෙම අවංක උත්සාහයක් තියෙන්න ඕන. එවැනි අවංක උත්සාහයක් නොමැතිව මේ අභියෝගය ජයගන්න බෑ. මේ අවස්ථාවේ අවශ්‍ය පුද්ගලයින් පිම්බීම නෙවෙයි. සුපර් මෑන් කෙනෙකුට මේ අභියෝගය ජයගන්න බෑ.”

“අපි සියළුදෙනාටම අවංකව එකතුවීමෙන් පමණයි මේ අභියෝගය ජයගන්න පුළුවන්.”

Related posts

මහ බැංකු වාර්තාව ඛේදවාචකයක්. රුපියල අවප්‍රමාණයෙන් ණය බර කෝටි 83,600කින් වැඩි වෙලා

colombotoday

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

Admin

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

Admin

දියවන්නා ඔයේ නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාමෙන් අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙලා

colombotoday

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday

බදු නග්ගන අලුත් පනත සූදානම්.. ජූලි මුල් සතියේ පාර්ලිමේන්තුවට !

colombotoday