Uncategorized

පාතාල කල්ලි ගැටේ.. වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 9 කණුව අසල දි වෙඩි තබා ඝාතනය කර තිබේ.

තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ(24) රාත්‍රී වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් කිරිබත්ගොඩ රෝහලට සහ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන පුද්ගලයින් බව අනාවරණය වී තිබේ.

පොලිසිය සැක පළකරන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවු ආරවුලක් මත වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටය.

කඩවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ISIS ප්‍රධාන අලුගෝසුවා “ජිහාඩ් ජෝන්” ‍ඩ්‍රෝන් ප්‍රහාරයකින් එළොව යයි

colombotoday

සජිත්ගේ කැම්පේන් මැනේජර් මලික් !

colombotoday

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.

colombotoday

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

සජිත් ජනපති වුණොත් මීළග සිංහල අවුරුදු කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක“

colombotoday

“සිංහල ගම්මාන – පන්සල් ඉවත් කරනු, උතුර, නැගෙනහිර එක්කර ස්වයංතීරණ අයිතිය දෙනු” – දෙමළ පක්ෂවල කොන්දේසි මෙන්න,

colombotoday