අද (15) දිනයේත් විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට, අවසර ලබාදී තිබේ.
ඒ අනුව P, Q, R ,S ,T, U, V ,W ඛාණ්ඩයට අයත් ප්රදේශවලට පෙරවරු 9 .00 සිට සවස 5 .00දක්වා පැය 2 ක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
සවස 5.00 සිට රාත්රි 9.00 අතර කාල සීමාව තුළ පැයක් විදුලි කප්පාදු කිරිමට නියමිතයි.
මීට අමතරව A, B, C, D, E, F, G,H, I, J, K, L ඛාණ්ඩයට අයත් ප්රදේශවලට පෙරවරු 8.00 සිට සවස 6.00 අතර පැය දෙක හමාරක් විදුලිය කප්පාදු කෙරේ.
එම ප්රදේශවලට සවස 6.00 සිට රාත්රි 11.00 දක්වා පැයයි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.