විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
එය දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතු බවත් එම ක්‍රමවේදය සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කරයි.
මේ අතර මාස 6ක කාලයකට හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ(11)දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.