Colombo Today Local News

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 50කින් ඉහල නංවා ඇත

මෙම මිල වැඩි කිරීම සමග ලංකා IOC ඉන්ධන පිරවුම්හල් වලින් ලබාගන්නා පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීම සදහා මෙතෙක් තීරණය කර නොමැති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කරයි.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් ලීටරයක් රුපියල් 121 කට අලෙවි කරන අතර 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177ක මුදලට අලෙවි කරනු ලබයි.

පසුගිය මාසයේ අවස්ථා දෙකකදී ද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත්තේය.

පෙබරවාරි 06 වනදා පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දැමීමට කටයුතු කළ අතර පෙබරවාරි 26 වනදා පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගනු ලැබීය.

Related posts

ස්ථාන හයක පිපිරීම්… මරණ 50 ඉක්මවයි…

colombotoday

ක්‍රීඩා ඇමති අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහි නඩුව හෙටට කල්යයි

Admin

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ගේන්න උලමා සභාව සහයෝගය දෙනවලු | මරාගෙන මැරුණු ජමීල්ගේ මාමා තාසිම් මවුලවිගෙන් නිවේදනයක්.

colombotoday

හොර වීසා වලින් ඉතාලියට පනින්න ගිය දෙදෙනෙක් මාට්ටු

colombotoday

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

colombotoday

සන්ධාන සගයෝ අලුත් පෙරමුණකින් පුංචි ඡන්ද සටනට

colombotoday