Colombo Today Local News

සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් සහ රුපියල් කෝටි දහයක 10 ක වන්දි මුදලක් ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (07) ගොනු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කිරීම වළකාලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ද අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, එම දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂනී හේවාපතිරණ සහ එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්රනධාන පොලිස් පරීක්ෂක ඉන්දික ද සිල්වා ඇතුළු 14 දෙනෙකි.

Related posts

නිර්පාක්ෂික අරගලයට 09වැනිදා ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

colombotoday

නිරෝදායන නීති කියා දෙන්න ගිය PHIට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

කොළඹ වරායේ 6 වන ගේට්ටුව අසළ වෙඩි තැබීමක් – 9ක් තුවාල ලබා ජාතික රෝහලට

Admin

තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

colombotoday

ක්ලබ් වසන්තගේ නිසල දේහය මල් ශාලාවට

Admin

ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්දලු.

colombotoday