Colombo Today Local News

ගස් කපන කියතකින් කකුල් දෙක කපා පුද්ගලයෙකු ඝාතනය කරලා

දිවයිනේ ප්‍රදේශ දෙකකින් අමානුෂික මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඒ අතර, දෙදෙනෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුගේ කකුල් දෙක, ගස් කපන යන්ත්‍රික කියතකින් කපා බරපතළ තුවාල සිදුකර ඝාතනය කර තිබේ.

ඊයේ (30) දහවල් කාලයේදී එම ඝාතනය සිදුව ඇත්තේ, කටුගස්තොට පොලිස් වසමේ මහංගොඩ ප්‍රදේශයේදී බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි පොහොලියද්ද, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු ඝාතනය සඳහා යොදාගත් යාන්ත්‍රික කියතද සමග අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු 54 හැවිරිදි මහංගොඩ, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක්

Admin

ජනපති ඉවත් කරන්න විපක්‍ෂය සැරසෙයි..

colombotoday

ඇරන්දිකගේ පුතා ඇතුලු නමයකට ඇප

colombotoday

“සහජීවනය ගැන අපට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ“ – අස්ගිරි මල්වතු මහා නාහිමිවරු අල් හුසේන්ට කියයි

colombotoday

කුසල්ට ඇප.. රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීම ගැන දැඩිව විමර්ශනය කරන්නැයි, බැසිල්ගෙන් උපදෙස්

colombotoday