Colombo Today Local News

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එම හමුව පවත්වා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

තානාපති සබඳතාවලට අදාළව අග්‍රාමාත්‍යවරයා හා තානාපති නියෝජිතයන් අතර මෙහිදි අදහස් හුවමාරු වී තිබේ.

මේ අතර අද (26)දිනට යෙදී ඇති ජාත්‍යන්තර රේගු දින උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලයේ දී මෙම උත්සවය පැවැත්වීමට නියමිත අතර ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන්ය.

Related posts

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම චීන ආයෝජකයින් දිවයිනට

Admin

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

Admin

කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට

colombotoday