Colombo Today Local News

දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන තිබේ.

එම ගිනි අවි අතර පිස්තෝල හතරක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හදුණාගත නොහැකි ගිනිඅවියක් තිබෙන බව පොලිසිය පවසයි.

බෝම්බ තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය.

අනතුරුව පිළියන්දල ප්‍රදේශයේදී පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

දකුණේදී බුරා පනින පොලිස්පති උතුරේදී හා පැටියෙක්.. සිංහනාද කරන ඇමතිලා ඇදන් යට

colombotoday

වලපනේ භූ කම්පනයක්

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරු ඉන්නවා

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ තවුෆික් තනතුරුවලින් නෙරපයි

colombotoday

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday