Colombo Today Local News

දුම්රිය වර්ජනයට කුපිත වූ මගීන්ගෙන් දුම්රිය දෙකකට ප්‍රහාර

දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී හානි කර තිබේ.

රාත්‍රී 11.50 ට පමණ කැකිරාව දුම්රිය ස්ථානයට ළගාවූ ‘මීනගයා’ දුම්රිය එම දුම්රිය ස්ථානයෙන් දුම්රිය නැවත ධාවනය නොකිරීම හේතුවෙන් ප්‍රකෝප වූ මගීන් දුම්රිය මැදිරිවලට පහර දී හානිකර ඇති බව කී දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කැකිරාව පොලිසිය මැදිහත්ව දුම්රියට ආරක්‍ෂාව සැපයූ බව ද සඳහන් කරයි.

එම ප්‍රහාරයෙන් අංක 6079 දරණ දුම්රියේ මැදිරිවල ජනේලවල වීදුරු රැසක් කැඩී ඇති බවත් රුපියල් ලක්‍ෂ ගණනක පාඩුවක් සිදුවී ඇති බවත් එම නිලධාරියා පවසයි.

මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ද මහනුවර දුම්රිය ස්ථානයේදී පෙරේදා රාත්‍රී 11.45 ට පමණ ධාවනය අත්හිටුවීමත් සමඟ මගීන් දැඩිනොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූ බවත් මගීන් පාලනයට පොලිසිය කැඳවීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රියේ මගීන් 700 ක් පමණ ඒ වන විට ගමන් කරමින් සිටි බවත් එම මගීන්ගෙන් වැඩි පිරිසක් පොලිසිය මැදිහත්ව ඊයේ අළුයම 4.30 පමණ වන විට පෞද්ගලික සහ ලංගම බස් රථ යොදාගෙන පිටත්කර හැරි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කර සිටි.

Related posts

වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කෙරේ

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ උලමා ඉල්ලා අස්වෙයි

colombotoday

අර­න්තලා භික්ෂු ඝාත­ක­යන් වසර 33කට පසු නීතිය හමු­වට

colombotoday

මින්පසු ඇමතිලාට හිතු මනාපේ වැඩ බෑ… රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම විද්වත් මණ්ඩලයකින්…

colombotoday

“උතුරේ හමුදා කදවුරුවලින් පිටත කිසි තැනක බුදු පිළිම එපා“ ආරක්ෂක ලේකම් නියෝග කරයි

colombotoday

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

colombotoday