World

ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන්න අගමැතිගෙන් නියෝගයක්!

david camaron

බ්‍රිතාන්‍ය තුළ සිටින සියළුම් මුස්ලිම් කාන්තාවන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම අනිවාර්ය බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි. ඔහු කියා සිටියේ එසේ නොමැතිවුවහොත් මුස්ලිම් කාන්තාවන් රටින් පිටුවහල් කරන බවයි.

බ්‍රිතාන්‍යයේ මව් භාෂාව වන ඉංග්‍රීසි භාෂාව නොදැන සිටීම ජනතාව අතර සැක මතුවීමට හේතුවන බැවින් මෙම තීරණය ගෙන ගත් බවයි කාන්තාව සහ භාෂාව යන මැයෙන් බ්‍රිතාන්‍යයේ පැවති සම්මන්ත්‍රණයකදී ඩේවිඩ් කැමරන් පවසා සිටියේ.

බ්‍රිතන්‍යයේ ජීවත් වනවානම් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි සංස්කෘතියට අනුව ජීවත් විය යුතු බවත්, එසේ බැරිනම් රටින් පිටවිය යුතු බවටත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මින් පෙර අවස්ථාවකද එරට ජීවත්වන සංක්‍රමණික මුස්ලිම් ජාතිකයන්ට අනතුරු අගවා තිබුණා.

අගමැතිවරයාගේ එම තීරණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළදී ද පැසසුමට ලක්වී තිබුණු අතර බ්‍රිතාන්‍ය ජාතික ලීගය ප්‍රකාශ කර තිබුණේ බ්‍රිතාන්‍යයේ ස්වදේශික ඉංග්‍රීසි සංස්කෘතිය රැකගැනීම සදහා අගමැතිවරයාගේ මැදිහත් වීම ඉතා කාලෝචිත හා ප්‍රසංශනීය එකක් බවයි.

මූලාශ්‍ර 1

Related posts

අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන්න කියූ ඉම්රාන් ඛාන් අමුතු ඇඳුමකින් අධිකරණයට එයි

Admin

‘බ්‍රිතාන්‍ය තුල ඉස්ලාම් අන්තවාදය පතුරට ප්‍රධාන රට සෞදියයි‘ – නවතම වාර්තාවක් හෙළි කරයි

colombotoday

සියෙරා ලියෝන් අගනුවර පිපිරීමක් – 84ක් මරුට

colombotoday

ආගමික උත්සවයක් අතරතුරදී 27ක් අවසන් ගමන් යයි

Admin

මංගල උත්සවයක දී වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

Admin

“ඉස්ලාම් ත්‍රස්තවාදය අපට හිසරදයක්“ – ජර්මන් චාන්සලර්වරිය

colombotoday