Colombo Today Local News

ජනපති පන්නා දැමූ සුසිල් ප්‍රේමජයන්ත උසාවි යන බව කියයි.

රාජ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් කිරීම තමාට ලොකු දෙයක් නොවන බවත් නීතිඥයකු වන තමා හෙට සිට අධිකරණයේ රාජකාරියට යන බවත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍යවලට අදහස් දක්වමිනි.

සුසිල් ප්‍රේම ජයන්ත මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

“රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා මට ආරංචි වුණා. මට ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් එච්චර ලොකු දේවල් නොවෙයි. මම ඇමතිවරයෙක් වුණේ 2000 අවුරුද්දේදී ජනාධිපතිවරු තුන්දෙනෙකු යටතේ මම වැඩකරලා තියෙනවා. මට වෘත්තියක් තියෙනවා. ඒක තමයි නීතිඥ වෘත්තිය. මම හෙට ඉඳලා එකේ එම වෘත්තියේ කටයුතුවල යෙදෙනවා.”

Related posts

“විල්පත්තුව මුස්ලිම් ජාතිකයන්ටත් අයිතියි.. මම ඔවුන්ගේ පැත්තෙයි“ – ඇමති රාජිත

colombotoday

කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි

colombotoday

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Admin

ඉක්මනින් රාජ්‍ය සේවය කප්පාදු කල යුතුයි ජනාධිපති උපදේශක

Admin

“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්න.. තරුණ දරුවන් මානසික වියවුලෙන් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

colombotoday

හරක් හොරකමේ ගිය පීසී අල්ලයි

Admin