Colombo Today Local News

තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමෙන් මිය ගිය නිලධාරීන් ගණන 4 දක්වා ඉහළට

තිරුක්කෝවිල් පොලිසියේ සාජන්වරයකු සිදු කළ වෙඩි තැබී මෙන් මියගිය ගණන හතර දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ රාත්‍රී 10.30 පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත. වෙඩි වැදිමෙන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් කොස්තාපල්වරයකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සිද්ධියෙන් මිය ගිය ගණන මිය ගිය ගණන හතර දක්වා ඉහළ ගොස් ඇත ඇතැයි එම කාර්යාලය පවසයි.

පොලිස් චෝදනාගාරයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඒ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා කිසියම් රාජකාරියකට පොලිසියෙන් පිටව ගොස් ඇත.

ස්ථනාධිපතිවරයා පොලිසියට පැමිණෙනවාත් සමග සැකකාර සාජන්වරයා ස්ථානාධිපති පැමිණි පොලිස් ජිප් රථයට ද වෙඩි තබා ඇත. ඒ අවස්ථාවේ ජීප් රථය පාලනයෙන් ගිලිහි ගොස් අසල ගොඩනැගිල්ල හැපි නතර වි ඇතැයි පොලිසිය කියයි.

පොලිස් සැරයන් 44132 කාදර්, පොලිස් කොස්තාපල් රියැදුරු 18382 තුෂාර, පොලිස් කොස්තාපල් 78857 ප්‍රබුද්ධ, සහ පොලිස් කොස්තාපල් 8861 නවිනින් මෙසේ මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

වෙඩි තිබූ බව කියන සැරයන්වරයා ගිනි අවියද සමග ඇතිමලේ පොලිසියට බාරවී ඇත.සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.

Related posts

“ෆෙඩරල් පාලනයක් මිස ඒකීය විසඳුමක් කිසිසේත් එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday

අඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන් : පරීක්ෂණයක් කරන්න කෝප් කමිටුවෙන් නිර්දේශ

colombotoday

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

Admin

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. දුමින්ද සිල්වාගේ රියදුරු මරුට !

colombotoday

“සිනොෆාම්” කොවිඩ් එන්නත අද දිවයිනට

colombotoday