ගුවන් යානා වෙනුවෙන් ඉන්ධන නිකුත් කිරීම සඳහා ඩොලර් ලබා දෙන්නැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවයට දැනුම් දී තිබේ.
මේ වනවිටත් ශ්‍රීලංකන් ගුවන් සේවය, ඉන්ධන සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 330ක් ගෙවීමට ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
පවතින තත්ත්වය මත ඉදිරියේදී ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් හෝ ඩොලර් ලබා දෙන්නැයි නිල වශයෙන් දැනුම් දී ඇති අතර ඉදිරි ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් ලබා දෙන බවට ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වනවිට සිය එකඟතාව පළ කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.