Colombo Today Local News

ඉතා අමානුෂික ලෙස දරුවෙකුට පහර දුන් ගුරුවරයෙක් පොලීසියට බාර වෙයි

වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ඉතා අමානුෂික ලෙස ප්ලාස්ටික් බටයකින් පහරදී තුවාල සිදු කොට දින පහක කාලයක් සැගවී සිටි බව කියන ගුරුවරයා අද (15) උදෑසන නීතීඥ වරයෙකු මාර්ගයෙන් පැමිණ වේයන්ගොඩ පොලීසියට භාර වී තිබේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තාක්ෂණ විෂය හදාරන දරුවෙකුට ඉකුත් 10 වනදා එම පාසැල තුළ දී ඉතා අමානුෂික ලෙස ප්ලාස්ටික් බටයකින් පහරදී තුවාල සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධව ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වේයන්ගොඩ පොලීසිය ඔහු සොයමින් සිටියේය.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා ගෙන ගිය නමුත් ඔහු පදිංචි නිවසින් පැන ගොස් සිටි හෙයින් අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබිණි.

මේ අතර මොහු අද (15) උදෑසන 8.10 ට පමණ නීතීඥ වරයෙකු මාර්ගයෙන් පොලීසියට පැමිණ භාර වූ බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා පවසයි.

පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් ස්ථානාධිපති වරයා කීය.

Related posts

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

colombotoday

ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න

colombotoday

කන්කස්නතුරේ ජනාධිපති මන්දිරය බදු දීමේ ගිවිසුම අත්සන් කරයි

Admin

යහපාලන ඇමතිලාගේ නකල්ස් ඉඩම් කොල්ලයට, පක්ෂ විපක්ෂ පුංචි මන්ත්‍රීවරු විරෝධය දක්වති

colombotoday

ඇලෝසියස්ගේ පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ බැංකු ගිණුම් 28ක් අත්හිටුවයි

colombotoday

ආණ්ඩුව 18 මාසෙට බිලියන 7.7ක් ණය අරගෙන මහින්ද යහපාලන ආර්ථික අර්බුදය ලිහා පෙන්වයි

colombotoday