නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆෝරස් මුහුදු කලාපයේ සිදූවූ භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැතැයි, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
එහි වැඩි බලපෑමක් ඔස්ට්‍රේලියාව දෙසට වෙතැයි අපේක්ෂා කරන බව එහි සභාපති අනුර වල්පොල මහතා පවසයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
නැගෙනහිර ඉන්දුනීසියාවේ සිදු වූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් ඒකක 7.3 ක් ලෙසයි.
ඒ සමගම එම ප්‍රදේශය ආශ්රිත කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.