Colombo Today Local News

පොලිසියේ හයිය තියේයැයි කයිය ගසා කේර ගංජා වික්ක ශ්‍රීලනිප යේ හිටපු මන්ත්‍රී

මහ පරිමාණ කේරළ ගංජා ජාවාරමක නිරතවෙමින් සුඛෝපභෝගී දිවියක් ගෙවන නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු කේරළ ගංජා කිලෝග්‍රෑමයක් අලෙවිය සඳහා රැගෙන යමින් සිටියදී අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (04 වැනිදා) සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සේවය අත්හිටුවා සිටින උපාධිධාරි ගණිත ගුරුවරයකුද වේ.

නොච්චියාගම හා අනුරාධපුර උළුක්කුලම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට පත්ව තිබුණේ අනුරාධපුර පූජා නගරයේ වෙස්සගිරිය වෙල්යාය ආසන්නයේදීය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ මෝටර් රථය පරික්ෂාවේදි කළු පැහැති උරයක ඔතා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑමයක් ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් ඇතුළු දුරකථන හතරක් හා කේරළ ගංජා විකුණා ලබාගත් රුපියල් දෙලක්ෂ හැත්තෑ නම දහසක මුදලක් සන්තකයේ තිබී පොලිසිය සියභාරයට ගෙන තිබේ. උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට යොමුකර තිබූ පෙත්සකමකට අනුව කල වැටලීමකදීයි.

සැකකාර හිටපු මන්ත්‍රිවරයා විසින් තමන්ගේ ජාවාරමට පොලිසිය හා සුරාබදු දෙපාර්තුමේන්තුව උදව් ලබා දෙන බව පවසමින් උදම් අනමින් ජාවාරම සිදුකර තිබෙන බව පොලිසිය පවසයි.

සැකකරු මන්ත්‍රිවරයකු වශයෙන් කටයුතු කරන අවධියේ රජයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ ගණනින් වංචාකර තිබෙන බවත් එම චෝදනාවන්ට දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි අධිකරණවල නඩු 30ක් විභාග වන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

Related posts

ස්ත්‍රී දූෂක සාරුවා සුනිල් ගාලු රැලියට බරටම වැඩ.. මහා දූෂිත සජින් වාස් ප්‍රධාන සංවිධායක (Video)

colombotoday

රතු කැකුළු නෑ කියා තවමත් පැමිණිලක් ලැබිලා නෑ

Admin

ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි

Admin

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

Admin

කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක්

colombotoday

ටිකිරි මැණිකේ පීලි පනී – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin