Colombo Today Local News

ගමන් බෑගයේ තිබු සාෆික් ෆාතිමාගේ සිරුර සම්බන්ධයෙන් ඇගේ යෙහෙළිය සහ සැමියා අත්අඩංගුවට

සසුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක කුඩා ගමන් බෑගයක දමා තිබු කාන්තාව ගේ ඝාතනයේ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම කාන්තාව ඝාතනය කර ඇත්තේ මට්ටක්කුලිය නිවසක දී බවත් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ යෙහෙලියක් බව කියන කාන්තාවක් සහ ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මළ සිරුර ප්‍රවාහනය කළැයි කියන ලොරියක්ද පොලිස්බාරයට ගෙන තිබේ.

මියගිය කාන්තාව මාලිගාවත්ත මහල් නිවාස සංකර්ණයේ පදිංචිව සිටි මොහොමඩ් සාෆික් ෆාතිමා නැමැති (45) හැදිවිරිදි දෙදරු මවක් බවට පොලිසිය හඳුනාගෙන ඇත.

Related posts

ගාල්ල මකුළුලුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි – එකම පවුලේ 6ක් රෝහලට

colombotoday

ඉන්දීය රජයෙන් ලබා දෙන ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිට

Admin

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නායක මහින්ද – සභාපති මෛත්‍රීපාල – මහ ලේකම් බැසිල්

colombotoday

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

මුව ආවරණ ඉවත්කිරීම අත්හිටුවයි

colombotoday

ඩීසල් නැවක් දිවයිනට… තවත් නැවක් එයි

colombotoday