Colombo Today Local News

ජාතික කොඩිය විකෘති කර කොළඹ පුරා කටවුට්‌.. “උරුම හුවමාරුවෙන්” උරුමය නැසෙයි!

“උරුමය හුවමාරු කරගැනීම” තේමාව යටතේ මෙම මස 15 වැනිදා සිට 17 වැනිදා තෙක්‌ කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්‌ථාන සහයෝගිතා ජාත්‍යන්තර ප්‍රදර්ශනය පිළිබඳව කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කර ඇති ප්‍රචාරක පුවරුවල පකිස්‌ථාන ජාතික කොඩිය සමඟ භාවිතා කර ඇති ශ්‍රී ලංකා ජාතික කොඩිය විකෘති කර ඇත.මෙත්තා, කරුණා, මුදිතා උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විවරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය සංකේතවත් කරමින් ජාතික කොඩියේ සිව්කොනේ ඇති බෝ කොළ සතර මෙම ජාතික කොඩියේ නැත.

දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ඇතුළු සුළුජාතීන් සංකේතවත් කරමින් ජාතික කොඩියේ ඇති කොළ සහ තැඹිලි වර්ණයෙන් යුත් තීරු දෙකද මෙම ජාතික කොඩියේ නොමැත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පනවා ඇති නීති රීති යටතේ විකෘති කරන ලද හෝ හානියට පත් වූ හෝ අවලක්‌ෂණ වූ හෝ ජාතික කොඩියක්‌ ප්‍රදර්ශනය කිරීම තහනම්ය.

ශ්‍රී ලංකාවත් පකිස්‌ථානයත් එක්‌ව පවත්වනු ලබන ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයකදී මෙලෙස විකෘති කරන ලද ජාතික කොඩිය සහිත ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් අවධානය යොමු විය යුතු බව ජනතාව දැඩිව කියති.

Divaina

Related posts

ඉන්දීයාවෙන් සහල් මෙට්‍රික්ටොන් 40,000 ක්

colombotoday

ගංවතුර අනතුරු ඇඟවීම්

colombotoday

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ නියපොත්තෙ ඉදන් පතුරුගහගෙන කනවා

colombotoday

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday

අර්ථසාධක අරමුදලේ ආයෝජනවලටත් රවී තට්ටු කරයි.. 14% ක බද්දක් ගහන්න යයි !

colombotoday