Colombo Today Local News

මන්නා පිහියකින් පියාට පහරදෙන්න ආ පුද්ගලයා ව පුතා ඝාතනය කරයි

බදේදේගම නාගොඩ මාර්ගයේ පරණ බස් නැවතුම්පොළ අසල අවන්හලක් ඉදිරිපිට දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි අයෙකු බවය.

පහරදුන් පුද්ගලයා නිවසට ගොස් මන්නා පිහියක් රැගෙන පැමිණ හෝටල් හිමිකරුට පහරදීමක් සිදුකර ඇති අතර හිමිකරුගේ පුතා විසින් පියාට පහරදීම දැක අදාළ පුද්ගලයාට මෝල් ගසකින් පහරදීමක් සිදුකර තිබේ.

අදාළ පහරදීම වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අවන්හල් හිමිකරුගේ 25 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර මියගොස් ඇත්තේ බද්දේගම, කොටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අමිල හිමි හැලෙයි… සෝභිත හිමිගේ තැන ගිහියෙකුට

colombotoday

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ටත් කොවිඩ් එන්නත

colombotoday

රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් ගුටි කෑ පොස්පේට් සේවකයාගේ වැඩ තහනම් කරයි

Admin

මරාගෙන මැරෙන බෝම්බ බොට්ටුවක් සොයා ගනී

colombotoday

දේවාලවල භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට…. වස්තුව කපුවන්ට තහනම්

Admin

ආර්ථිකය ගොඩ ගන්න ඇමරිකානු සමාගමක් ගෙන්වයි.. ඩොලර් මිලියන 3ක් ගෙවන්න කැබිනට් අනුමැතිය

colombotoday