Colombo Today Local News

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අනතුරු අඟවා තිබේ.

තාවකාලිකව අවහිර කර ඇති තම ගිණුම්වලට විදේශීය හෝ දේශීය මුදල් විශාල ප්‍රමාණයක් බැර කර ඇති බවට සංවිධානාත්මක කණ්ඩායම් ප්‍රකාශ කරන වංචා සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත්, එම අවහිර කිරීම ඉවත් කිරීමට සහය විය හැකි ඕනෑම පුද්ගලයකුට සිත්ගන්නාසුලු මුදලක් ගෙවන බවත් එම වංචාකරුවන් ප්‍රචාරය කරන බවද මහ බැංකුව පවසයි.

එවැනි කණ්ඩායම් විවිධ ගිණුම්වලට විශාල මුදල් බැර කර ඇති බවට ව්‍යාජ ලියකියවිලි ද පෙන්වන අතර එම මුදල් ආපසු ගැනීමට මහ බැංකුවේ අනුමැතිය පමණක් ලබාගත යුතු බවද සඳහන් කරන බව පෙන්වාදෙන මහ බැංකුව, මෙම වංචනිකයන් පෞද්ගලික හැඳුනුම්පත් අංක, කාඩ්පත් සත්‍යාපන අංක (CVV), එක් වරක්-මුරපද (OTP) සහ පරිශීලක හැඳුනුම්පත් මුරපද වැනි ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් පිළිබඳ විස්තර ඉල්ලා සිටින බවද සඳහන් කරයි.

එවැනි තොරතුරු සැපයීම ගනුදෙනුකරුවන් බරපතළ මූල්‍ය අනතුරකට ලක් කරන බවත්, එවැනි වංචනික දැනුම්දීම් සහ භාවිතයන් නොසලකා හරින ලෙසත් මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday

මහින්ද රාජපක්ෂව පියන් කෙනෙක් කරන්න අලි සබ්‍රිට තියෙන අයිතිය මොකද්ද

colombotoday

අත්තනගල්ලේ නීතිඥයකුට ට පහරදුන් නීතිඥවරුන් පිරිසට ඇප

Admin

රත්නපුරයෙන් හමුවූ ලොව විශාලතම ආරුනූල් මැණික ස්විට්සර්ලන්තයට

colombotoday

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

colombotoday