Colombo Today Local News

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ලබන වසරේ මැයි මස 2- 5 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී අද (29)දින සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් KenchiYokoyama මහතා ඊට අත්සන් තැබූ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මෙම සමුළුව සඳහා‍ සාමාජික රටවල නියෝජිතයන් 3000ත් 5000ත් අතර පිරිසක් සහභාගීවීමට නියමිත අතර ඊට මුදල් අමාත්‍යවරු, මහ බැංකු අධිපතිවරු ජාත්‍යන්තර බැංකු නියෝජිතවරු, සමාගම් විධායක නිලධාරීහු සහ මාධ්‍යවේදීහු ඇතුළත් වෙති.

මෙවර සමුළුවේ තේමාව “පශ්චාත් COVID – 19 ලෝකය සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම” වන අතර සමුළුව පැවැත්වෙන කාලය තුළ ද්විපාර්ශ්වික රැස්වීම්, කොට්ඨාස රැස්වීම් හා උප කලාපීය රැස්වීම් ද පැවැත්වේ.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවක් පවත්වන කලාපයේ දෙවැනි රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ අතර එම අවස්ථාව ලබා දීම පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව වෙත සිය කෘතඥතාව පළකළේය.

Related posts

නව වසරේ දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247 ක්

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday

ශ්‍රී ලංකාව ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ගනී.. පළමුව ඩොලර් බිලියනයක ණයක්.. මූල්‍ය ක්ෂේත්‍රය ශරීයාකරණයට

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10යි. ලංකාවට ඩොලර් 15 යි. වැඩි ඩොලර් 5 යන්නේ කාටද?

colombotoday