Colombo Today Local News

ගොවියන්ගෙන් කප්පම් ඉල්ලන්න ආ මඩු දේවස්ථානයේ පියතුමාට ගොවීන්ගේ විරෝධය

මඩු ප්‍රදේශයේ ඉතා දුගී ගොවීන් පිරිසක් විසින් වගා කටයුතු සිදුකරන කුඹුරු තම දේවස්ථානයට අයිති බව පවසමින් ඒ සඳහා අවශ්‍ය පංගුව ලබා දෙන ලෙස ගොවීන්ට තර්ජනය කිරීමට පැමිණි මඩු දේවස්ථානයේ පියතුමෙකුට ගොවීන් විසින් දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

මඩු පල්ලියට පසුගිය රජය විසින් ලබා දුන් අක්කර 5000 ට පිටතින් රජයේ ඉඩමක මෙම ගොවි භුමි පිහිටා ඇති බවත් එම භුමියේ වගාකටයුතු සිදුකිරීම සඳහා පළාත් ආණ්ඩුකාරවරිය විසින් අවසර ලබා දී ඇති බවත් ගොවීන් පවසයි.

තමන් කතෝලිකයන් ලෙස මඩු දේවස්ථානයේ පියතුමන්ලාට ගරු කරන නමුත් එදා වේල කන්නවත් නැතිව දුක්විඳින තමන්ට මෙසේ සැලකීම පිළිබඳව කණගාටුවට පත්වන බවත් පියතුමන්ලා වුවද සිදුකරන්නේ අසාධාරණයක් නම් ඊට එරෙහි වන බව ගොවීන් පවසයි.

Related posts

“ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

colombotoday

“මේ තරම් බරපතල විදිහට ගහයි කියල අපි හිතුවෙ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි

colombotoday

රාජපක්ෂලාට විතරද මේ පක්ෂය.. අනිත් උන්ට හොද නැද්ද? – වෙල්ගම අසයි

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

colombotoday