Colombo Today Local News

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

මහාචාර්ය මලික් පීරිස් මහතාට චීනය විසින් 2021 වර්ෂයේ ‘අනාගත විද්‍යා ත්‍යාගය’ පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග් මහතාට මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවයි.

ඒ අනුව මහාචාර්ය මලික් පීරිස් මහතාට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ද හිමිව තිබේ.

2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මගින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙස සැලකේ.

2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Related posts

ඇමති ටිරාන් අලස් ට දුමින්ද නාගමුව එක්ක තිබුණු ඩීල් එක එළියට

Admin

හිටපු ජනපතිනිය රටබීමහලකට ගොඩවෙයි… ඡායාරූප අන්තර්ජාලය කළඹයි !! (Photo)

colombotoday

සමාජ මාධ්‍ය වාරණයෙන් ආණ්ඩුවේ බැරිකම හෙළිවුණා.. රාජපක්ෂ රෙජිමයෙන්වත් මෙහෙම කළේ නෑ

colombotoday

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත අන්තර්ජාලයට එක්කළ තරුණියට වැඩ වරදී

colombotoday

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin

ශත 25ක්ව තිබූ සීනි කිලෝවක බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දමයි

Admin