සීනි හා සහල් සඳහා පාලන මිලක් පනවමින් අද (02)දින නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, ප්‍රායෝගික මිලක් මේ යටතේ එය ගැසට් කරන බවයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් හා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනාරාල්වරයා විසින් සිය භාරයට ගත් සීනි තොග අද සිට සමූපකාර හා සතොස හරහා සහනදායි මිලට ජනතාවට ලබා දෙන බව ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ ය.