Colombo Today Local News

වැඩි මිලට සීනි ගන්න එපා. විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි

ලංකා සීනි සමාගම හරහා අද (30) දිනයේ සිට සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ලබන බදාදා සිට සතොස සහ සමුපාකාර වෙළෙඳසැල් හරහා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබාදීම වෙනුවෙන් එලෙස බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බවය.

“ලංකා සීනි සමාගම මගින් සතොස ආයතනයට මේ වනවිට සීනි අවශ්‍ය ප්‍රමාණය ලබාදී තිබෙනවා. රුපියල් 130 ගානේ මේ රටේ ජනතාවට සහන මිලට සීනි ලබාදෙන්න කියලා. අපි බලාපොරොත්තුවෙනවා මේ රටේ තිබෙන සියලුම සමුපකාර වෙළෙඳසැල් සඳහා සීනි ලබාදෙන්න. ලංකා සීනි සමාගම සහ ගල්ඔය සීනි සමාගම කියන ආයතන දෙකෙන්ම අපි බලාපොරොත්තුවෙනවා මේ රටේ තිබෙන සියලුම සමුපකාර සමිතිවලටත්, සතොස ආයතනවලටත් සීනි ලබාදෙන්න. අපි මේ රටේ ජනතාවට කියන්නේ වැඩි මිලට සීනි ගන්න එපා. අපි මේ ආයතනවලට කියලා තියෙන්නේ ඔවුන්ට විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි කියලා.”

Related posts

රට පුරා ලංගම බස්රථවල මැර ප්‍රහාර.. බස්වලට පොලිස් ආරක්ෂාව !

colombotoday

කඩේ මිලට වඩා මිල වැඩියි. – Pick Me සහ Uber කරන කූට වැඩේ

colombotoday

මෛත්‍රී භාවනාවයි, ආනාපානසතියයි පොලීසියට අනිවාර්ය කරයි !

colombotoday

අභියාචනයක් ඉදිරිපත් කළත් පේ‍්‍රමලාල්ට පාර්ලිමේන්තු එන්න බැහැ

colombotoday

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

colombotoday

කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් අරඹයි

colombotoday