Colombo Today Local News

එන්නතට ජුම්මා පල්ලියෙන් ටෝකන් දෙන්න ආ පුත්තලම මන්ත්‍රි අලි සබ්රි රහීම් පොලිසියෙන් පන්නා දමයි

සහිරා ජාතික පාසලේ පැවැති කොරෝනා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට “ටෝකන් ” ලබා දෙන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් ඇති විය.

මේ අවස්ථාවේදී එහි පැමිණි පුත්තලම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් තත්වය පාලනය කර මන්ත්‍රීවරයා එම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි පිරිසට මන්ත්‍රීවරයා ලබාදී ඇත්තේ පුත්තලම ජුම්මා දේවස්ථානයෙන් නිකුත් කළ ටෝකන් පත්‍රයක් බවත් මන්ත්‍රීවරයා එය සුළු පිරිසකට බෙදද්දී එහි පැමිණි කණ්ඩායමක් එම ක්‍රියාවට දැඩි විරෝධය පළ කර එන්නත්කරණ මධ්‍යස්ථානය අසල කලබලකාරී ලෙස හැසිරී ඇත.

සිද්ධිය පාලනය කිරීමට පොලීසියට මැදිහත් වීමට සිදු වූයේ මේ අවස්ථාවේදීය.

මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු සෞඛ්‍ය අංශ,යුද හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන් කරන හෙයින් ටෝකන් වැඩපිළිවෙළින් අවුලක් විය හැකි බව මෙහිදී මන්ත්‍රීවරයාට කරුණු පෙන්වා දී ඇති පුත්තලම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ආර්.ඒ වන්නිආරච්චි මහතා ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

රට වසා තිබූ අවස්ථාවක විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට අවසර පත් ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද මෙම මන්ත්‍රීවරයාට මෙයට පෙර චෝදනා එල්ල වූ බව ප්‍රදේශවාසීහු පවසති.

Related posts

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday

ලෝකෙට ගිය යොහානිට ලංකාවෙන් සම්මානයක්

colombotoday

මානව හිමිකම් කවුන්සිලය දේශපාලන අශූචි වළක් – ඇමරිකාව UN මානව හිමිකම් කොමිසම කුඩුපට්ටම් කරයි

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

අමෙරිකානු තානාපතිනිය මහ බැංකු අධිපති හමුවෙයි

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීමට පිටකොටුවේ තොග වෙළදසැල් විවෘත කරයි

colombotoday