Colombo Today Local News

ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණයක් නොපෙන්වා හෘදයාබාධ ඇති වේ

කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීම කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාදවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

එවැනි කොවිඩ් ආසාධිත රෝගින් විසිදෙනකුට පමන පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකල බව ද වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා කියයි.

පළවෙනි සහ දෙවෙනි කෝවිඩ් රැලි දෙකෙදී එවැනි හෘදයාබාදයට ලක්වු කොවිඩ් රෝගීන්ගේ ප්‍රවණතාවයක් දක්නට නොලැබුණු බව සඳහන් කරන ඒ මහතා තුන්වන රැල්ලේ දී මතු වු කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙය දක්නට ලැබෙන බව පැවසීය.

හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බොහොමයක් පිරිස් වයසින් අඩු පුද්ගලයන් බව සඳහන් කරන ඒ මහතා සාමාන්‍යයෙන් හෘදය බාධයකට තුඩුදෙන අධික රුධිර පීඩනය,කොලෙස්ටරෝල්,දියවැඩියා තත්වයකට ගොදුරු නොවී හෘදයාභාධයට ලක් වුවන් බව පැවසීය.

Related posts

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල

colombotoday

ප්‍රමිත බණ්ඩාරට ආණ්ඩු පක්ෂයේ අලුත් තනතුරක්

colombotoday

එස්.ටී.එෆ්.පීසී හෙරොයින් සමඟ මාලිගාවත්තේදී අත්අඩංගුවට

Admin

ජනපති වාර්තාවක් තියයි.. වෙබ් අඩවිවලටත් රතු එළි දල්වයි !

colombotoday

බැංකු කටයුතු අවදානම් – යුරෝපා සංගමය ලංකාව බ්ලැක්ලිස්ට් කරයි…

colombotoday

මිල සූත්‍රයක් හදුන්වා දෙන මුවාවෙන් රජය ඉන්ධන මිල වැඩි කිරීමට සැරසෙයි

colombotoday