Business

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැනට පැමිණෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තැබීමට සියලු කොටස් මිල දර්ශකයේ අද (26) සමත් විය.

ඒ, එහි ඉහළ ම අගය වාර්තා කරමිනි.

අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,920.71 ක් ලෙසින් සටහන් වී තිබුණි.

මීට පෙර 2021 ජනවාරි 27 දින ‌සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වූ අතර එදින එය දැක්වුණේ ඒකක 8,812.01 ක් ලෙසය.

මේ අනුව අද දින පෙර දිනයට සාපේක්ෂව ඒකක 164.08 කින් හෙවත් 1.87% කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළගොස් තිබුණි.

දෛනික පිරිවැටුම රු. බිලියන 10.49ක් ලෙස සටහන් වුණි.

Related posts

නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 11ත් ඉක්මවයි

colombotoday

පෝට් සිටි ව්‍යාපෘතියෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 කින් නගී

colombotoday

කොරෝනා නිසා ජනපති නියගයෙන් ලබාදුන් සහන පිලිබඳ මහ බැංකුව මූල්‍ය ආයතන දැනුවත් කරයි

colombotoday

Amazon and Alphabet report sales surge this quarter

colombotoday

බේකරි නිෂ්පාදන මිල ඉහළට.

colombotoday

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday