Colombo Today Local News

සේරුවාවිල විහාරස්ථානයෙන් කොටපොල හිමියන් එලවා දැමූ බවට පැතිරෙන පුවත අසත්‍යක්.

තමන් වහන්සේ විහාරාධිපති ධූරය දරන සේරුවාවිල මංගල රජමහා විහාරයට නාඳුනන පිරිසක් කඩා වැදී එය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන පාලන බලය ඔවුන් අතට ගෙන ඇතැයි විහාරයේ විහාරාධිපති කොටපොළ අමරකිත්ති හිමියෝ සඳහන් කර ඇති බවට අද (24) මව්බිම පුවත්පත වාර්තා කර ඇති පුවත අසත්‍ය පුවතක් බව අප සිදුකල සොයා බැලීමකදී අනාවරණය විය.

එවැනි ප්‍රකාශයක් කොටපොළ අමරකිත්ති හිමියෝ මව්බිම පුවත්පතට සිදු කර නොමැති බවත් Youtube චැනලයක් සඳහා ලබා දුන් සාකච්ඡාවකදී සිදුවූ පැරණි සිද්ධියක් පිළිබඳව උන්වහන්සේ විස්තර කර ඇති අතර එය අලුත ඇතිවූ සිද්ධියක් ලෙස පටලවාගෙන මෙම වාර්තා කිරීම සිදුකර ඇත. එය උපුටාගෙන තවත් වෙබ් අඩවි බොහොමයක් මෙම වැරදි පුවත වාර්තා කර ඇත.

අමරපුර සංඝ සභාව සහ උත්තරීතර මහා නායක හිමියන් විසින් සේරුවාවිල විහාරාධිපති ධුරයට සඳහා කොටපොළ අමරකිත්ති හිමියන්ව පත්කිරීමෙන් අනතුරුව උන්වහන්සේ සේරුවාවිල භාරකාරත්වය ලබා ගැනීමට තවමත් වැඩම කර නැත. ඒ ශාසන නීතියට සහ මහනායක හිමියන් ඇතුළු සංඝ සභාවට අභියෝග කරමින් කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ අසපු වාසින් සේරුවාවිල බලහත්කාරයෙන් රැදී සිටීම හේතුවෙනි.

Related posts

ඉන්ධන මිල අඩුකරන්න බැරි හේතුව මෙන්න

Admin

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට මහින්දගේ නම යෙදූ නිලධාරීහු දත්ත විනාශ කිරීමේ වෑයමක

colombotoday

කුප්පියාවත්ත උණුසුම් වෙයි. පොලීසිය වෙඩි තබයි

colombotoday

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

colombotoday

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

colombotoday

කෘතිම රා නිපදවූ මධ්‍යස්ථානයක් වටලයි

colombotoday