World

ඇෆ්ගනිස්ථාන වැසියන් රට හැරදමා යාමට පොර බදිති. ගුවන් යානයක රෝදයේ එල්ලී ගිය තිදෙනෙක් ඇද වැටී මරුට

තලෙයිබාන් සටන්කාමින් විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පාලනය සිය යටතට ගැනීමත් සමග මේ වන විට එරට ප්‍රධාන ගුවන් තොටුපොළ තුල දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ගෙන තිබේ.

මේ වන විට රටින් පළා යාමට උත්සාහ කරනු ලබන ඇෆ්ගනිස්ථාන වැසියන් නිසා අමෙරිකාව, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක විදෙස් රාජතාන්ත්‍රික සේවයේ නියුතු නිලධාරීන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් වලට ද දැඩි බලපෑම් එල්ලවී තිබේ.

මේ අතර කාබුල් ගුවන් තොටුපොළේ සිට ගුවන් ගතවූ ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ තරුණයින් තිදෙනෙකු ඉහළ අහසේදී ඉන් ඇද වැටෙන දර්ශණ පෙලක් ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආයතනයක් විසින් සමාජ මාධ්‍ය ජාල ගිණුම ඔස්සේ පළකර ඇත.

ඉහළ ගුවනේදී ඇද වැටුණු මෙම ඇෆ්ගනිස්ථාන තරුණයින් තිදෙනා නිවෙස් මතට සහ පොලොවට ඇද වැටී මියගොස් ඇති අතර එම පුද්ගලයින්ගේ සිරුරූ ඉවත්කර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් ද සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල මෙසේ හුවමාරුවෙමින් පවතී.

Related posts

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday

විෂෙන් විෂ නසන්න ප්‍රංශය සැරසෙයි, කෘරත්වයට පිළිතුරු දෙන බව ප්‍රංශ ජනපති පවසයි

colombotoday

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

ඇන්ගුයිලා දූපතේ නව ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික දිලීන් ඩැනියෙල්

colombotoday

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

colombotoday

ඉන්දීයාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම යළි ඉහළ යයි

colombotoday