Colombo Today Local News

මෙහෙකාර තරුණියක් දුෂණය කිරීම – බදියුදීන්ගේ මස්සිනාට අධිකරණයෙන් ඇප

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16)දින නියෝගකර තිබේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ 2016 වසරේදී සේවය කළ තරුණියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහොමඩ් ෂියාබ්දීන් අත්අඩංගුවට ගෙන පොලිස් විමර්ශන ක්‍රියාත්මක විය.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටද නියෝග කළේය.

Related posts

ජාත්‍යන්තර මුස්ලිම් සමුළුවක් 30 දා කොළඹදී.. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ටත් ආරාධනා

colombotoday

වැට් බදු සංශෝධනයෙන් දුරකථන ඇමතුම් ගාස්තු 50%කින් ඉහළට

colombotoday

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත්‍රණයක් !!

colombotoday

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද.. අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි !

colombotoday

‘විශ්ව රූ රැජින කිරුළ’ මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා දිනා ගනී

colombotoday