26 C
Colombo
9 April 2025
Colombo Today Local News

මලවිවරයෙකුගේ බිලි පූජාවට තුර්කියෙන් රු. කෝටි 3ක්. හමුදා පොලීසිය නවත්වයි. ගවයන් 350 ක් බේරා ගනියි.

ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල තීන්දුවක් ගෙන තිබියදී හජ් උත්සවය වෙනුවෙන් මස් කිරීමට සූදානම් කර තිබූ ගවයන් 350ක් මඩකලපුව, නාවල්ලඩිහිදී යුද හමුදාව හා පොලිසිය එක්ව ඊයේ (21)දින අලුයම මුදාගෙන ඇත.

මෙම ගවයන් විවිධ ප්‍රදේශවලින් රැගෙනවිත් ගාල්කර ඊයේ (21) දින ආගමික ස්ථානවලදී ඝාතනය කිරීමට වූ සූදානමක් සැලවී යුද හමුදාව පොලිසිය රැගෙන ගොස් එය නවත්වා ඇතත් රාත්‍රිය වන විට ගවයන් මුදා හැරීමට සිදු වී ඇත.

කෙසේ වෙතත් අද (22) දිනයේ ඔට්ටමාවඩි ගව ඝාතකාගාරයකදී මෙම ගවයන් 350 දෙනාම බිලි පූජාවක් සේ එකවර ඝාතනය කර මස් නිවාස වෙත බෙදාහැරීමට මවුලවිවරයකු සූදානමින් සිටින බව අනාවරණය විය.

මේ සඳහා තුර්කියෙන් රුපියල් කෝටි තුනක ප්‍රතිපාදන සපයා ඇති බවත් හෙළිවී ඇත.

Related posts

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

මම පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින කෙනෙක් නෙවෙයි“ මහින්දගෙන් අගමැතිට පිළිතුරක්

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

colombotoday

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin

සයිටම් විරෝධී සිසුන්ට කදුළු ගෑස් සහ අධි පීඩන ජළ ප්‍රහාර

colombotoday