බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත් වේ.
පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර මීට ටික වේලාවකට පෙර විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ විය.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඊට අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්විමට නියමිතය.